‘ජාතික පුනරුදයට පෙළගැසෙමු’ තේමාව යටතේ 77 වැනි නිදහස් උත්සවය නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී හෙට (04) පැවැත්වීමට නියමිතව තිබෙනවා
අඩු පිරිවැයකින්, මහජනතාවට සිදු වන පීඩා අවම වන අන්දමින් හා වැඩි ජන සහභාගිත්වයකින් යුතුව මෙවර නිදහස් දින උත්සවය පැවැත්වීමට නියමිත බවයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ.
ඒ අනුව හමුදා සාමාජිකයන් 1,873කට හමුදා පෙළපාළිය සීමා කර ඇති අතර ගිය වසරට සාපේක්ෂව හමුදා පෙළපාළියේ සාමාජිකයන් සංඛ්‍යාව 1,511කින් අඩු කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.
මෙවර පෙළපාළිය සඳහා ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ ආදිය යොදා නොගැනීමටත්, ගුවන් යානා තුනක් පමණක් යොදා ගැනීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.