වාර්ෂිකව පිළිකා රෝගීන් 40,000ක් වාර්තා වෙනවා – වෛද්‍ය බුද්ධික සෝමවර්ධන

apeksha-hospital

වාර්ෂිකව මෙරටින් පිළිකා රෝගීන් 40,000ක් පමණ වාර්තා වන මහරගම අපේක්ෂා රෝහලේ රුධිරගත පිළිකා රෝග පිළිබඳ විශේෂ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන පවසනවා.

ඒ අතරින් 4,000ක් රුධිරගත පිළිකා රෝගීන් බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

එසේම වසරකට දරුවන් 1000කට අධික සංඛ්‍යාවක් පිළිකා රෝගයට ගොදුරු වන බවද, ඒ අතරින් ලියුකේමියා රෝගීන් 30% ක් සහ මධ්‍ය ස්නායු පද්ධතිය ආශ්‍රිත පිළිකා රෝගීන් 25% ක් සිටින බවද වාර්තා වෙනවා.

කෙසේ වුවත්, පිළිකාවලින් තුනෙන් එකක්ම වළක්වා ගත හැකි බවයි විශේෂ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන වැඩිදුරටත් සඳහන් කරන්නේ.