ආනයනය කිරීමෙන් ලුණු මිල ඉහළ යන්න පුළුවන් – ටී.කේ. නන්දන තිලක

Solt

ලුණු ආනයනය කිරීමත් සමගම, ලුණු මිල ඉහළ යනු ඇති බව හම්බන්තොට සෝල්ට් ලිමිටඩ් සමාගමේ සභාපති ටී.කේ. නන්දන තිලක පවසනවා.

ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීමේ පිරිවැය වැඩිවීම මෙම මිල ඉහළ යාමට හේතු වන බවයි සඳහන් වන්නේ.

මේ නිසා, මේස ලුණු ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රු. 120 ක් වනු ඇති බවත්, කැට ලුණු කිලෝග්‍රෑම් එකක පැකට්ටුවක් රුපියල් 100 කට අලෙවි කිරීමට අපේක්ෂා කෙරෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.