කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර රාත්‍රී තැපැල් දුම්රිය අද සිට යළි ධාවනයට එක් කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මෙම දුම්රිය යළි ධාවනයට එක් කෙරෙන්නේ වසරකට පමණ පසුව බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ.
උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීම හේතුවෙන් කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර දුම්රිය ධාවනය නතර කර තිබුණා.