2024 වසරේදී ළමා ගැබ්ගැනීමේ සිදුවීම්වල ඉහළ යාමක් පෙන්නුම් කරන බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර, නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර පවසනවා.
ඒ අනුව කළේ 2023 වසරේ ළමා ගැබ් ගැනීම් 167 ක් වාර්තා වූ අතර එය 2024 දී සිද්ධීන් 213 ක් දක්වා වර්ධනය වී ඇති බවයි රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඇය සඳහන් කළේ.
ළමා අපයෝජන සිදුවීම්ද 2023 වසරේ දී සිද්ධීන් 1,237 ක් හා 2024 වසරේ දී සිද්ධීන් 1,254 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිනිය ප්‍රකාශ කළා.
මෙහිදී ගැබ් ගැනීමට ලක්වන දරුවා සහ ඉපදීමට සිටින දරුවාද වින්දිත තත්ත්වයට පත්වෙන බවත් බොහෝවිට අධ්‍යාපන කේෂ්ත්‍රයෙන් එම දරුවන් ඉවත්වන නිසා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.