අද (18) දිනයේත් දුම්රිය ගමන් වාර 12 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගයට රියැදුරන් සූදානම් වීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුව ඇති බවයි පැවසෙන්නේ.
කෙටි ගමන් සේවා යටතේ කොළඹ කොටුවට පැමිණෙන දුම්රිය 06 ක් සහ කොටුව සිට ආරම්භ කිරීමට නියමිත දුම්රිය 06 ක් මෙලෙස අවලංගු කර තිබෙන බව සඳහන්.
කෙසේ වෙතත් අද රාජකාරී දිනයක් නොවන බැවින් සවස් කාලයේ දුම්රිය අවලංගු කිරීමක් සිදුනොවනු ඇති බවද සඳහන් වෙනවා.
දුම්රිය රියදුරු හිඟය හේතුවෙන් ඊයේ (17) දිනයේද දුම්රිය 25 ක් පමණ අවලංගු කිරීමට සිදුවුණා.