බස් බවට පවසා ලංකාවට ගෙන්වන්නේ ලොරි චැසියට බස් බොඩියක් ගසා ගෙන්වන ඒවා බව ප්‍රවීණ මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව පවසනවා.
ඒ අනුව ඒවා මගීන් ප්‍රවාහනයට සුදුසු නොවන බවයි ඊයේ (09) පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
ලංකාවේ ලබාගැනීමට ඇත්තේ එවැනි රථ නම් හිමිකරුවන්ට ඒවා මිලදී ගන්නවා හැර වෙනත් ක්‍රමයක් නොමැති බවද ඔහු සඳහන් කළා.
මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගයේ ධාවනයට එක් කිරීමේදී සලකා බලන කාරණා ඇති බවත්, ලංකාවට ගෙන්වන මෙවැනි බස් රථ ධාවනය කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කරන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව බවද ඔහු සඳහන් කර සිටියා.