වැඩබලන පොලිස්පතිවරයාට තනතුරත් අහිමිවන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා.
ඒ අනුව ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි වැඩබලන පොලිස්පතිවරයා කටයුතු කර ඇති බවත් ජනාධිපතිවරයාගේ සැලැස්ම සහ දින වකවානු මොනවාදැයි ඇසීමට ඔහුට නොහැකි බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයේ චිත්‍ර ඇඳීම සහ අනුර කුමාර දිසානායකගේ Clean Sri Lanka ව්‍යාපෘතියයි එකම මට්ටමක පවතින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.