මගී ගුවන් යානයක් 2025 නව වසරේදී හොංකොං සිට ගුවන් ගතවී 2024 වසරේ ලොස් ඇන්ජලීස් වෙත ගොඩ බස්වා තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව ගුවන් යානය ලොස් ඇන්ජලීස් වෙත ගොඩ බසින විට එහි නව වසර උදාවී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
2025 නව වසර ආරම්භ වී හොංකොං සිට ගුවන්ගතවී පැය 14 කට ආසන්න කාලයක ගුවන් ගමනකින් අනතුරුව ගමනාන්තයට ළඟා වූ විට එහි දිනය සටහන්ව ඇත්තේ 2024 දෙසැම්බර් 31 ලෙස බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව එම ගුවන් යානය පැසිෆික් සාගරය හරහා ජාත්‍යන්තර දින රේඛාව පසු කරන විට ගුවන් යානය නැවත 2024 දක්වා ගමන් කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


