ඇප මත මුදා හැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඊයේ (06) පස්වරුවේ යළිත් අත්අඩංගුවට ගනු ලැබුවා.
බීමතින් රිය පැදවීම හේතුවෙන් කොල්ලුපිටිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් ඔහු යළිත් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.
ලොහාන් රත්වත්තේ ගමන් ගත් ඩිෆෙන්ඩර් රථය තවත් මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවත්, අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නැනි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අද (07) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසනවා.
නීති විරෝධීව එකලස් කළ වාහන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ලොහාන් රත්වත්තේ පසුගිය (05) වැනි දින ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබුණා.