නිල්වලා ගඟ ආශ්‍රිත ප්‍රදේශ කිහිපයක පහත් බිම්වල ජනතාවට ගංවතුර අනතුරු ඇඟවීමක්

flood_warning1

නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම්වලට ඉදිරි පැය 48 ක කාලය තුළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, මාතර සහ දෙව්නුවර යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස වල පහත් බිම් සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ සිට අද උදෑසන දක්වා නිල්වලා ගඟේ ඉහළ සහ මධ්‍ය ධාරා ප්‍රදේශ වලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

6719cd95018a7pdf_page_0