ආරක්ෂාව අවශ්‍ය ඊශ්‍රායල ජාතිකයින්ට සහායවීමට පොලීසියෙන් දුරකථන අංකයක්

sri-lanka-police-logo

සංචාරකයෙක් හෝ වෙනත් අවශ්‍යතාවයක් සඳහා මෙරටට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයෙකුට යම් පෞද්ගලික ආරක්ෂාවක් සපයා ගැනීමට අවශ්‍ය බව පෙනීයන්නේ නම්, අවශ්‍ය සහාය ලබාගැනීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, ඒ සඳහා 0718592651 දුරකථන අංකය ඔස්සේ සංචාරක සහ නාවික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී මහතාව අමතන ලෙසයි පොලිස් මූලස්ථානය දැනුම් දෙන්නේ.