ආරුගම්බේ ප්‍රදේශයේ සිටින ඊශ්‍රායල් ජාතිකයන්ට යම් අනතුරක් සිදුවිය හැකි බවට තොරතුරු ලැබී තිබුණා – පොලීසිය

nihal-thalduwa

ආරුගම්බේ ප්‍රදේශයේ සිටින ඊශ්‍රායල් ජාතිකයන්ට යම් අනතුරක් සිදුවිය හැකි බවට පසුගිය දින කිහිපයේ තොරතුරු ලැබී තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

ආරුගම්බේ ප්‍රදේශය ඊශ්‍රායල් ජාතිකයන්ගේ වැඩි සංචාරක ආකර්ශනයක් සහිත ප්‍රදේශයක් නිසා ඔවුන්ගේ ගොඩනැගිල්ලක් වැනි ස්ථානයක් පවතින බවයි පොලීසිය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් මීට අවශ්‍ය මූලික පියවර ගෙන, පසුගිය දිනවල මාර්ග බාධක යොදා පරීක්ෂා කිරීම් සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මේ වන විට පියවර ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.