මහ මැතිවරණය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සංඛ්‍යා​ව 290 ක් දක්වා ඉහළට

election

මහ මැතිවරණය සම්බන්ධයෙන් ගතවූ පැය 24 ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 33 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මහ මැතිවරණය සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව 290 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ලැබුණු පැමිණිලි අතර 211 ක් විසඳීමට කටයුතු කර ඇති අතර තවත් පැමිණිලි 79 ක් විසඳීමට ක්‍රියාකරමින් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.