විශ්‍රාමිකයින්ට රජයෙන් ලබාදෙන රු.3000 දීමනාව මේ මස සිටම ලබා දීමට තීරණය කෙරේ

pension-archived

විශ්‍රාමිකයන්ට රුපියල් 3000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ මාසයට අදාළ විශ්‍රම වැටුප ගෙවා තිබීම හේතුවෙන් රුපියල් 3000 ක අමතර දීමනාවක් ලෙස මේ මාසය සඳහා ලබාදීමට තීරණය කර ඇති බවයි කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ.

ලබන මාසයේ සිට රුපියල් 3000 දීමනාව විශ්‍රාම වැටුපට එකතු කර ලබාදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.