ධීවරයන්ට ලීටරයකට රු. 25 ක ඩීසල් සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය

boat

මාස 6 ක් සඳහා රු. 300,000 ක උපරිමයකට යටත්ව ධීවරයන්ට ලීටරයකට රු. 25 ක ඩීසල් සහනාධාරයක් සහ භූමිතෙල් සඳහා දිනකට ලීටර 15 ක සහ මසකට දින 25 ක් සඳහා රැකියාවේ නිරත දිනවලට රු. 25 ක සහනාධාරයක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබෙනවා.

රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම් කර ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමට අදාළව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

ඉන්ධන මිල ගණන් ඉතා විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදුවන අහිතකර බලපෑමට පිළියම් යෙදීම සඳහා 2024-08-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණ ද, එම තීරණය මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව ධීවර කාර්මිකයින්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගෙන 2024-10-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මාස 06 ක කාලයක් සඳහා සහනයන් ලබාදීම සඳහා කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

670e0f0458302 670e0f0412d0f