2024 ජනාධිපතිවරණයේ වියදම් වාර්තාව භාරදුන් අපේක්ෂකයින්ගේ නම් ප්‍රකාශයට පත් කරයි

election

2024 ජනාධිපතිවරණයේ වියදම් වාර්තාව භාරදුන් අපේක්ෂකයන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අපේක්ෂකයින් 35 දෙනෙකු විසින් සිය වියදම් වාර්තා භාරදී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.

බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්තිරත්න, අරියනේත්‍රන් පාක්කිය සෙල්වම් විසින් නියමිත කාලය තුළ ජනාධිපතිවරණයේ වියදම් වාර්තාව භාරදී නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.