ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නේ නැහැ – විභාග කොමසාරිස්

grade-5-scholarship-exam

2024 පස්වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

පිටවී ඇති බවට තහවුරු වූ ප්‍රශ්න තුන සඳහා සියළුම ශිෂ්‍යයින්ට නිදහස් ලකුණු ලබා දීමට තීරණයක් කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කළේ.