අර්ජුන් ඇලෝෂියස්ගේ අභියාචනයක් මහාධිකරණ​ය ප්‍රතික්ෂේප කරයි

1728888985-arjun-aloysius-6

තමන්ට නියම කළ මාස 0‍6ක සිරදඬුවම් නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා ඩබ්ලිව්. එම්. මැන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙකු විසින් කොළඹ මහාධිකරණයට යොමු කිරීම සඳහා භාරදුන් අභියාචනය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ගෙවීමට නියමිත බදු මුදල් කොටස් වශයෙන් ගෙවීමට අවසර දෙන ලෙසත් තමන්ට නියම කළ නියම කළ මාස 0‍6ක සිරදඬුවම් නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙසත් ඔවුන් සිය අභියාචනය මඟින් ඉල්ලා සිටි බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් එම අභියාචනය කැඳවූ අවස්ථාවේදී කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.