අයහපත් කාලගුණයත් සමඟ පාසල්වලට නිවාඩු ලබාදීමේ බලය පළාත් අධ්‍යාපන බලධාරීන්ට

school-students

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ගංවතුර සහ වෙනත් ආපදාවලට ලක්ව ඇති පාසල්වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව පාසල්වලට නිවාඩු ලබාදීමේදී පළාත් ප්‍රධාන ලේකම්, පළාත් අධ්‍යාපන ලේකම් හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සුදුසු පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.