SL vs WI 1st T20: කොදෙව් කණ්ඩායමට ලකුණු 180 ක ඉලක්කයක්

sl-vs-wi-1st-t20

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය මේ වන විට පැවැත්වෙනවා

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 179 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී කමිඳු මෙන්ඩිස් ලකුණු 51 ක්, චරිත් අසලංක ලකුණු 59 ක් කුසල් මෙන්ඩිස් ලකුණු 19 ක් හා භානුක රාජපක්ෂ ලකුණු 17 ක් ලබාගත්තා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 180 ක්.

ලකුණු පුවරුව පහතින්.

670beaac83631