හෙට බස්නාහිර පාසල් විවෘත කිරීමේ බලය අධ්‍යාපන බලධාරීන්ට පැවරේ

schoolnew[1]

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (14) පාසල් විවෘත කරනවාද නැද්ද යන්න තීරණය කිරීමට බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන්ට බල පවරා තිබෙනවා.

ඒ අනුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ සාකච්ඡා කර විදුහල්පතිවරුන්ට එම තීරණය ගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.