විශ්‍රාමිකයන් සඳහා ලබන සතියේ සිට රුපියල් 3000 ක මාසික දීමනාවක්

pension-archived

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000 ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

රුපියල් 3000 ක අන්තර්කාලීන දීමනාව ඔක්තෝබර් මාසයේ විශ්‍රාම වැටුපට එකතු නොවීම සම්බන්ධව සොයා බැලූ ජනාධිපතිවරයා ඉදිරි සතිය ඇතුළත එම මුදල විශ්‍රාමිකයන්ගේ ගිණුම්වලට බැර කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ජනපති සහ මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් අතර ජනාධිපති කාර්යාලයේදී ඊයේ (10) පස්වරුවේ පැවති සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබාදී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිල නිවේදනය පහතින්.

6708f4f72ef8dpdf_page_0