පොලිස් නිලතල කිහිපයක වෙනසක් සිදුකිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය

sri-lanka-police-logo

පොලිස් නිලතල කිහිපයක වෙනසක් සිදුකිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති P. අම්පාවිල පත් කිරීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලැබී තිබෙනවා.

එම තනතුරේ මේ දක්වා කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති M.A.R ප්‍රේමරත්න බස්නාහිර පළාතේ උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එසේම පොලිස් මූලස්ථානයේ රාජකාරියේ නිරතව සිටි කාන්තා නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ජාසිංහආරච්චි ප්‍රජා පොලිස් හා පරිසර ආරක්ෂණ දිසාව සදහා පත්කිරීමට පොලිස් කොමිසම අනුමැතිය ලබා දී ඇති බවයි ජාතික පොලිස් කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.