රජය හැම රටක් සමගම සමබරව කටයුතු කරනවා – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

vijitha-herath-cabinet

රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලදී රජය හැම රටක් සමගම සමබරව කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

කිසිඳු රටක් පිළිබඳව විශේෂ සැලකීමක් සිදු නොකරන බවත් රට ලොකු වූවත් පොඩි වූවත් ශ්‍රී ලංකාව එම සියලුම රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වන බවයි ඔහු සඳහන් කළේ.

චීනය, ඉන්දියාව සහ අමෙරිකාව සමඟත් රුසියාව, කියුබාව සහ වියට්නාමය සමඟත් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වන බවත් ඉන්දියාව සමඟ ගනුදෙනු සිදුකරන ලෙසින්ම චීනය සමඟත් ගනුදෙනු කරන බවයි ඔහු සඳහන් කළේ.