අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ධූරයෙන් ඉල්ලා අස්වෙයි

bribery-commission

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ඒ.කේ. විජේරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවත් ඊට අදාළ ලිපිය අද (07) ජනාධිපතිවරයා වෙත යොමු කරන බවත් ඔහුගේ නීතිඥවරු විසින් අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරල්වරයාගේ පත්වීම අභියෝගයට ලක් කරමින්  ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද සලකා බැලූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්. ඒ. කේ විජේරත්න පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත එවක ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එම තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.