විභාග නොකළ පැමිණිලි සති 2ක් තුළ විභාග කර අවසන් කරන ලෙස වැඩබලන පොලිස්පති දැනුම්දෙයි

sri-lanka-police-logo

පොලිස් ස්ථානවලට වාර්තා වී ඇති මෙතෙක් විභාග නොකළ සහ අවසන් කර නොමැති පැමිණිලි සති 2ක් තුළ විභාග කර අවසන් කරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය දැනුම්දී තිබෙනවා.

එසේම පොලිස් ස්ථාන වෙත ලැබෙන විවිධ පැමිණිලි එදිනම විභාග ආරම්භ කිරීමටත්, පැය 48 ක් තුළ විභාග කර අවසන් කිරීමටත් වැඩබලන පොලිස්පති නියෝග කර ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.