ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන පොලීසියෙන් දැනුම්දීමක්

class-grade5

දැනට පිටවී ඇති බව පැවසෙන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 03ට අමතරව වෙනත් ප්‍රශ්න පිටවී ඇති බවට සාක්ෂි පවතින්නේ නම් ඒ පිළිබඳ තොරතුරු ළඟම පොලිස් ස්ථානය වෙත ලබා දෙන ලෙස පොලීසිය ඉල්ලීමක් කරනවා.

ඒ අනුව එළඹෙන 07වන දිනට පෙර අදාළ තොරතුරු ළඟම පොලිස් ස්ථානය වෙත භාරදෙන ලෙසයි පොලීසිය දැනුම් දෙන්නේ.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රය කලින් පිටවී ඇති බවට පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ එහි උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු පවා තාවකාලිකව නවතා දමා තිබෙන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්.

6701dec62c35b