ජන හා නිවාස සංගණනයේ පුද්ගල තොරතුරු රැස් කිරීම හෙට සිට ඇරඹේ

WEB - 1

15 වැනි ජන හා නිවාස සංගණනයේ පුද්ගල සහ නිවාස තොරතුරු රැස් කිරීම, හෙටින් (07) ආරම්භ වනවා.

ඒ සඳහා සංගණන නිලධාරීන් හෙට සිට ගෙයින් ගෙට පැමිණෙන බවයි ජනලේඛන හා  සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනවිරත්න මහත්මිය සඳහන් කළේ.

පසුගිය කාලයේ කළ ලැයිස්තුගත කිරීම්වලදී 2012 සංගණනයට සාපේක්ෂව නිවාස ඒකකවල 24% ක වැඩිවීමක් පෙන්නුම් කරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.