ඔබගේ අපේක්ෂාවත් මාගේ අපේක්ෂාවත් එකක් – ජනපති අනුර

pres-anura

රටේ ජනතාවගේ අපේක්ෂාවත් තම අපේක්ෂාවත් එකක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මෙරට පළමුවරට රටේ පුරවැසියන්ගේ අරමුණු, අපේක්ෂා, බලාපොරොත්තු හා රටේ පාලකයාගේ අරමුණු, අපේක්ෂා, බලාපොරොත්තු එකම වන පාලනයක් ගොඩනැගී ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

එබැවින් රටේ ජනතාව අපේක්ෂා කරන පාස්කු ඉරිදා ප්‍රහාරය සඳහා සාධාරණත්වය සහ යුක්තිය ඉටුකිරීම තමන්ගේත් අපේක්ෂාව සහ බලාපොරොත්තුව බවද, ඒ සඳහා කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළා.

එබැවින් තමන් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන ලෙසයි අද කටුවාපිටිය දේවස්ථානයේදී ජනතාව අමතමින් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ.