බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවෙයි

6701027a10fe9

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් අද (05) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වී සුබ පැතුම් එක්කර තිබෙනවා.

රටේ ස්ථාවර පාලනයක් පවත්වා ගැනීමේ වැදගත්කම, ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර පවතින සබඳතා ශක්තිමත් කිරීම සහ ගුරු පුහුණු වැඩසටහන් ඇතුළු ශ්‍රී ලංකාවේ විවිධ අධ්‍යාපනික වැඩසටහන් සඳහා බ්‍රිතාන්‍යයේ සහාය ලබා දීම ගැන එම හමුවේදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා අවධාරණය කළ බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.

ලංකාවේ අධ්‍යාපන සංවර්ධනයේ ප්‍රගතිය සඳහා පවතින ක්‍රියා පටිපාටි විධිමත් කිරීමේ අවශ්‍යතාවක් පවතින බව එහිදී අග්‍රාමාත්‍යවරිය විසින් පෙන්වා දී ඇති අතර, එළඹෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා වන සූදානම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කර තිබෙනවා.