ලිට්‍රෝ ගෑස් සමාග​මේ නව සභාපති ලෙස චන්න ගුණවර්ධ​න පත් කෙරේ

channa-gunawardhana

ලිට්‍රෝ ගෑස් සමාගමේ සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සභාපති ලෙස චන්න ගුණවර්ධන පත්කර තිබෙනවා.

ඒ අනුව අද (01) දිනයේ සිට අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ හා මූල්‍ය කළමනාකරණ අංශයෙන් පළමු පන්තියේ උපාධියක් ලබා ඇති ඔහු මැලේසියාවේ කළමනාකරණ සහ විද්‍යා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගැනීමට කටයුතු සිදුකරමින් සිටින බවයි වාර්තා වන්නේ. එමෙන්ම ඔහු දිවයිනේ ප්‍රමුඛතම CIMA කථිකාචාර්යවරයෙක් ලෙස සැලකෙනවා.

දංකොටුව පෝසිලේන්, Aitken Spence Group සහ Hirdaramani Group හි ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන්ද කටයුතු කර ඇති අතර ඔහු තවත් සමාගම් කිහිපයකම විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් ලෙස කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.