ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් අද සාකච්ඡාවක්

body-gard

හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (30) දිනයේ දී කැඳවා තිබෙනවා.

ඒ අනුව, අද පස්වරුවේ මෙම සාකච්ඡාව අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වීමට නියමිතව තිබෙනවා.