ක්‍රීඩා මධ්‍යස්ථාන පහක් උත්සව නොමැතිව ජනතා අයිතියට පැවරීමට අගමැතිගෙන් උපදෙස්

harini-pm-2893

රීඩා මධ්‍යස්ථාන පහක් කිසිඳු උත්සවයකින් තොරව ජනතා අයිතියට පැවරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

කොළඹ,  මාතලේ,  බිංගිරිය හා ඕමන්තේ යන ප්‍රදේශ වල අලුතින් නිම කරන ලද ක්‍රිඩා මධ්‍යස්ථාන පහක් මෙලෙස කිසිඳු උත්සවයක් පැවැත්වීමකින් තොරව ජනතා අයිතියට පැවරීමට කටයුතු කරන ලෙසයි අග්‍රාමාත්‍යවරිය උපදෙස් ලබාදී ඇත්තේ.

මෙම ව්‍යාපෘති අගෝස්තු අග සහ සැප්තැම්බර් මුල් කාලයේදී වැඩ නිම කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.