නපති මන්දිරය අසල මාර්ග දෙකක් මහජනතාවට විවෘත කෙරේ

baron-jayathilaka-mawathe

ජනාධිපති මන්දිරය අසල ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මාවත අද (27) සිට මහජනතාවට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නියෝගයකට අනුව එම මාර්ග විවෘත කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කළේ.