ආගමන හා විගමන පාලක හර්​ෂ ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග

court-2

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

අදාළ අඩුව අද (25) කැඳවු අවස්ථාවේ ආගමන විගමන පාලකවරයාට එරෙහිව චෝදනා පත්‍ර කියවා දීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

අදාළ පෙත්සම යළි ජනවාරි මස 22 වනදා කැඳවීමට නියමිතව තිබෙනවා.