වැඩි ඡන්ද ලක්ෂ 20 කින් ජය නියතයි – සජිත්

sajith-premadasa-new

මෙවර ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයට වැඩි ඡන්ද ලක්ෂ 20කින් ජය නියත බව එහි ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ අනුව යථාර්තවාදී සියලුම සමීක්ෂණ වාර්තා විසින් ඒ බව තහවුරු කර ඇති බවයි ඊයේ (18) ”දිනන සජිත්” අවසන් ජන රැළිය අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

එක පැත්තකින් තමා කෙසේ හෝ පැරදවීමට උත්සාහ කරන රනිල් අනුර සන්ධානය සිටින බවත්, ජනතාව ආර්ථික අර්බුදය හමුවේ දුක්විඳින විට රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේ අල්ලස සහ දූෂණය ප්‍රමුඛ කාරණයක් බවට පත්ව ඇති බවද ඔහු සඳහන් කළා.

රටේ ලක්ෂ 220 ක් වූ ජනතාවගේ ‍පොදුජන යුගය බිහි කිරීම සඳහා සමගි ජන බලවේගය ජයග්‍රහණය කරවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ජනාධිපති අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් ප්‍රකාශ කළේ.