මිදිගම ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

shooting

මාතර – ගාල්ල ප්‍රධාන මාර්ගයේ මිදිගම ප්‍රදේශයේ දී වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව මෙලෙස මියගොස් ඇත්තේ මාළු වෙළෙන්ඳෙක් වන කැලුම් චතුරංග නැමති 38 හැවිරිදි පුද්ගලයෙක් බවයි සඳහන් වෙන්නේ.

මාළු ලබා ගැනීමට පැමිණි තවත් පුද්ගලයින් දෙදෙනෙකුට ද වෙඩි වැදී තුවාල ලබා, ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙන බවයි සඳහන් වෙන්නේ.