කෙහෙළියගේ පුතා​ට අයත් නිවාස දෙකක් පරිහරණය තහනම් කරමින් නියෝගයක්

court-2

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට අයත් සුඛෝපභෝගී නිවාස දෙකක් පරිහරණය කිරීම තහනම් කරමින් කොළඹ මහාධිකරණය අද (19) නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

රමිත් රඹුක්වැල්ල විසින් කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවාස දෙකක් රුපියල් මිලියන 80 ක් සහ රුපියල් මිලියන 65 බැගින් මිලදී ගෙන තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත්, ඊට අදාළව එම දේපොළ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම කොමිසම අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

එම ඉල්ලීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අදාළ දේපොළ ලබන දෙසැම්බර් මස 19 වනදා දක්වා පරිහරණය කිරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.