වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් කුලියාපිටියේ දී විවෘත කෙරේ

wam-kuliyapitiya

කුලියාපිටිය වෙස්ටර්න් ඔටෝ මොබයිල් ඇසෙම්බ්ලි ප්‍රයිවට් ලිමිටඩ් (WAA) නවීන වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ඊයේ (17) ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් විවෘත කර තිබෙනවා.

මෙය දකුණු ආසියාවේ දැවැන්තම වාහන එක්ලස් කිරීමේ කර්මාන්ත ශාලාව බවත්, මෙම කර්මාන්ත ශාලාව සඳහා වැය කර ඇති මුදල ඩොලර් මිලියන 27 ක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම කර්මාන්ත ශාලාවේ එකලස් කරන ලද පළමු වාහනය වන ආසන 15 ක මගී වෑන් රථයක් මෙම මාසය අවසානයේ වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන්.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

66ea6126dd929pdf_page_0 66ea61282064bpdf_page_1