ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 97% ක් බෙදාහැර අවසන්

Presidential-election

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 97% ක් මේ වන විට බෙදාහැර අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු පුද්ගලයින්ට ලබන 18 වැනිදා සිට 21 වැනිදා දක්වා ළඟම පිහිටි තැපැල් කාර්යාලයෙන් අනන්‍යතාව තහවුරු කර ඒවා ලබා ගත හැකි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ සඳහන් කළේ.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම පසුගිය 14 වනදා අවසන් වුණා.