පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද

grade-5-scholarship-exam

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15) පැවැත්වෙනවා.

ඒ අනුව අද පෙරවරු 9.30 සිට දහවල් 12.15 දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථාන අවට ශබ්ද විකාශන යන්ත්‍ර යොදා මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු නොකරන ලෙසයි විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර ඉල්ලා සිටින්නේ.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 323,879 දෙනෙකු පෙනී සිටින බවත්, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2849 කදී විභාගය පැවැත් වෙනවා.