ජනපතිගේ පරිවාරක හෙලිකොප්ටරයක් හදිසියේ ගොඩබස්වයි

president-helicp

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගමන් ගන්නා හෙලිකොප්ටරයට පසුපසින් පැමිණෙන පරිවාරක හෙලිකොප්ටරය කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසියේ ගොඩබස්සා තිබෙනවා.

එප්පාවල කටියා ප්‍රදේශයේ වෙල් යායට ඊයේ (14) සවස එම හෙලිකොප්ටරය ගොඩබස්සා ඇති බවයි වාර්තා වෙන්නේ.

ජීවිත හෝ දේපල හානී කිසිවක් සිදුව නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.