ඡන්ද කාඩ් නොලැබුණු පුද්ගලයින්ට බදාදා සිට ළඟම තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකියි – තැපැල්පති

post

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබූනු පුද්ගලයින්ට , ලබන බදාදා සිට තමන්ට ලිපි බෙදන තැපැල් කාර්යාලයට ගොස් එම පත්‍රිකා ලබා ගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

දීර්ඝ නිවාඩුවක් එළඹීම නිසා තැපැල් කාර්යාල වසා තැබීම ඊට හේතුව බවයි තැපැල්පති ආර්.පී. සත්කුමාර සඳහන් කළේ.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම ඊයේ (14) දිනයෙන් අවසන් කර තිබුණා.