ඡන්දය පාවිච්චි කිරීම සඳහා සේවකයන්ට නිවාඩු ලබාදෙන ලෙස පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක්

rohana-hettiarachchi-press

පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන් හට ඡන්දය පාවිච්චි කිරීම සඳහා නිවාඩු දෙන්නැයි පැෆරල් සංවිධානය සියලුම සේවායෝජකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

යම් සේවායෝජකයකු මේ නීතිය නොසලකා හැර කටයුතු කර අධිකරණය ඉදිරියේ වරදකරුවකු වුවහොත්, රුපියල් ලක්ෂ දෙකක දඩයක් සහ මාසයක කාලයක් සඳහා සිර දඬුවම් හිමිවිය හැකි බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ.