උද්දිකගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සහකාර පොලිස් අධිකාරී ඇප මත මුදා හැරේ

court-2

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අද (13) ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 05 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව නඩුව අද (13) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.