ආගමන හා විගමන පාලකට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

court-2

විද්‍යුත් වීසා ක්‍රමය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක නොකිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි චෝදනා කර ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටියට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

අදාළ පැමිණිල්ල අද (13) කැඳවූ අවස්ථාවේදී ආගමන විගමන පාලකවරයාට අද දිනයේදීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබුණා.

විද්‍යුත් වීසා ක්‍රමය අහෝසි කර පැරණි ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමට පියවර ගත යුතු බවයි ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය මස 2 වනදා නියෝග කර තිබුණේ.