ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඔක්තෝම්බර් 26 වනදා පැවැත්වීමට තීරණය කෙරේ

elpitiya-pradeshiya-sabha

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා දින නියම කර තිබෙනවා.

ඒ අනුව එම මැතිවරණය ඔක්තෝම්බර් 26 වෙනිදා පැවැත්වීමට නියමිත බවයි ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා සඳහන් කළේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද දහවල් 12.00 ට අවසන් වුණා.