ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා භාරගැනීමේ කටයුතු අවසන් වෙයි

LC-elections-300x158

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද (12) අවසන් වුණා.

ඒ අනුව සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොදුජන එක්සත් නිදහස් පෙරමුණ යන ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම ස්වාධීන කණ්ඩායම්ද නාම යෝජනා භාරදී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඇල්පිටිය ප්‍රදේශිය සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 10 ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් ඇප මුදල් තැන්පත් කර තිබුණා.