මෙරට 21 වනදාට බිහි වන්නේ පොදුජන යුගයක් – සජිත්

Sajith

මෙරට ඉතිහාසයේ දූෂණය පිටු දකින ස්වර්ණමය යුගය ලබන 21 වනදා ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ හා අනුර කුමාර දිසානායකගේ අරමුණ වන්නේ කුමක් හෝ සිදුකර තමාව පරාජයට පත් කිරීම බවයි හෝමාගම ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

තමාගේ සහ තම කණ්ඩායමේ අරමුණ වන්නේ කඩා වැටුණු මාතෘභූමිය යළිගොඩගෙන ජන ජීවිත සුඛිත මුදිත කරන සංවර්ධනයේ සෞභාග්‍ය උදාකරලීම බවද ඔහු සඳහන් කළා.

මෙරට 21 වනදාට බිහි වන්නේ පොදුජන යුගය බවයි ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් සඳහන් කළේ.